එන්න පය ගසා නවතින්න මේ සොඳුරු පොළවේ

Thursday, September 16, 2010

ෂේක්ස්පියර්ට සම වීමට වෑයම් කළ මම?

ෂේක්ස්පියර් ගේ පොත් කාමරය


ෂේක්ස්පියර් ඉපදුන තැන



අත්දැකීම් අඩු දාට ජීවිතය කෙනෙහෙළි කම් කරන බව ඔබ දන්නවාද?ජීවිතය අත්හැරෙන හැම මොහොතකම යළයළිත් නැගිටිය යුතුයැයි ලොවට කීවේ ෂේක්ස්පියර්ය. ඔහුගේ කවි වල ලියැවී තිබුණේ වැටෙන විට අමාරුවෙන් නැගිටගත් ජීවිතය බව ඔබ දැන උන්නාද නොදනමි. ඔහුගේ නිර්මාණ රස විදින අපි ඒ රසවීඳීමට යටින් දිවෙන්නේ දුකම බව දැන උන්නාද? අනික් මිනිසුන්ගේ විදීමඋදෙසාම පමණක් ඔහු ලීවේය. "උතුම් සිතක් ඇත වෙහෙසක් නැත ඔබට උදව් කිරීමේදී"ඔහු ලියන්නේ එබැවිනි. ඉදින් මම ඔහු තුළ ඔහුව කියවමි. ඔහුම වන්නට වෙහෙසෙමි.
සිතන්න අනිත්අයට වඩා වැඩියෙන් ,
වැඩ කරන්න අනිත් අයට වඩා වැඩියෙන්,
බලාපොරොත්තු වන්න අනිත් අයට වඩා වැඩියෙන්,
(ෂේක්ස්පියර්)

ජීවිතය පාරමිතාවක් විය.........


අනුකම්පාව වෙනුවට උපේක්ෂාවෙන් බලන්නටත් ,ජීවිතය මේ යැයි වටහා ගන්නටත්, මම මේ දැනුදු වෑයම් කරමි. නිහතමානීකම හා ඉවසීම නිවට කමැකැයි සිතන මිනිස්සු සිටින බැව්ද අපි දනිමු. එහෙත් එවන් ඉවසීම හා නිහතමානීකම ගැන ඔබ ආඩම්බර වන දිනයක් අනිවාර්යයයෙන්ම පැමිණෙනු ඇත. ඉදින් දුකේදීත් සැපේදීත් ඉවසන්න. ඉවසීමෙන්ම සංසිදෙන්න.
සැදෑ වළාකුළු පැමිණ
ඉර වසා ගත් කල්හි,
සියපත මියැදෙනු කොහොම
මෙතරම් ඉවසීමකින්,
සුළං රැළි හමා
මලෙක පෙති අග රිදවනු දැක
නටුව ඉවසා සිටිනු කෙලෙසක,
ඒ සියපත සේම ඒ නටුව සේම.......... ඉවසමි
ජීවිතය තුළ මම....................

Friday, September 10, 2010

බල කරනවද ඒත්තු ගන්වනවද

වෙනත් පුද්ගලයන් කෙරෙහි බලපෑම් ඇති කිරීමේදී ඔබට තෝරා ගත හැකි විකල්ප තුනක් ඇත්තේය .පළමු විකල්පය නම්, ඔවුන් ඔබගේ යහපත වෙනුවෙන් ක්‍රියා කරනු ඇතැයි සරලව සිතමින් ඔවුන්ව නොසළකා හැරීමය. දෙවන විකල්පය වන්නේ, ඔබ කැමති සුවිශේෂ ආකාරයකට කටයුතු කරන ලෙස සෙසු අයට බලපෑම් කිරීමය.තෙවන විකල්පය නම් ඔබට අවශ්‍ය දේ අනෙක් අයටත් අවශ්‍ය වන නිසා එය කිරීමේ වැදගත් කම අන් අයට ඒත්තු ගැන්වීමය.
මේ අතරින් කුමක් සාර්ථක වේද? නොසළකා හැරීම සාර්ථක ක්‍රියාවලියක් නොවේ .ඔබ එය දන්නවා ඇත. එය දරුණු වේදනාවක් මෙන්ම අන් අය තුළ ඔබ කෙරෙහි පහන් සිතුවිලි නැතිවී යාමටද හේතුවකි.බිය වැද්දීමෙන් ඔබේ අරමුණ යම්තාක් ඉටුකර ගැනීමට හැකි වනු ඇත .නමුත් බය උපයෝගී කරගන්නා උපක්‍රම පුද්ගලයන් තුල ඇති විශිෂ්ඨත්වය පිටතට හයා ගැනීමට කෙසේවත් සමත් නොවේ.
මිනිසුන් සමග ගනුදෙනු කිරීමේ දී මුලික වන සැබෑ ගැටලුව මෙයයි. ජීවත් වීම හා උනුන් එකමුතුව වැඩ කිරීමේ හැකියාව වර්ධනය කරගැනීම අතින් පසුබට වීමට හේතු කිපයක්ම බලපා තිබේග දීර්ඝ මානව පරිණාමය තුළ අප ශිෂ්ටාරවත් මිනිසුන් ලෙස ජීවත් වූ කාලයට වඩා වනචාරී පරිසරයක ජීවත් වූ කාලය වැඩි වීමයි. දෙවැන්න නම් දිගුකාලීන බරපතල ප්‍රතිවිපාක ගැන සළකා බැලීමකින් තොරව එක් පුද්ගලයකුට වාසියක් ලබා ගැනීම සඳහා තවත් අයකු මත වරද පැටවීම ඉතා පහසු කාර්යයක් වීමයි. තෙවනි කාරණය නම් සියලු දෙය දෙස තම තමන්ගේ දෘෂ්ටියෙන් පමණක් බැලීමට උත්සහ කිරීමයි .මෙබඳු කරුණු හේතුවෙන් ජීවිතයේ ඉතා වැදගත් කරුණක් අපට නොපෙනී ගිලිහී යාම දැකිය හැකිය. එනම් අප පුද්ගල සබඳතා කෙරෙහි දුර්වල බවය.ජීවිතයේ අභියෝග ජය ගැනීමට නම් පුද්ගල සබඳතා වැදගත් බව සිහියේ තබා ගත යුතුය.
(ලීලානන්ද ගමාච්චිගේ ජීවිතය දිනන්නේ මෙහෙමයි කෘතිය ඇසුරෙනි)

අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි...!

බේබරූත්,ඒබ්‍රහම් ලින්කන්, තෝමස් අල්වා එඩිසන්

ඕනෑම ඉලක්කයක් හඹා යන විට නිතරම අනපේක්ෂිත දුෂ්කරතා සහ බාධා මුණගැසෙයි. පටන් ගත් ප්‍රථම අවස්ථාවේදීම කිසිමඅගනා අරමුණක් එසැණින දිනාගත හැකි නොවන බව තේරුම් ගැනීමට බොහෝ අය අසමත් වෙති. සාර්ථකත්වය සඳහා වන ඕනෑම ක්‍රියාවලියකදී අසමත් වීම අත්‍යවශ්‍යය සහ වැදගත් අංගයකි . බොහෝ අය අර්ථවත් අභියෝගාත්මක අරමුණු මුල් කරගෙන ක්‍රියාකාරී නොවන්නේ අසමත් වීමට ඇති බිය නිසාය .නමුත් පරාජය යථාර්ථයක්යැයි පිළිගන්නා තුරු සහ උත්සහය අත්හැරදැමීමට තීරණය කරන තුරු ඔබ පරජිතයෙක්යැයි පිළිගැනීමට නොපුලුවන.
සියලු මහා සාර්ථකත්වයන් සඳහා අසමත් විම සහ පරාජය කොතරම් අත්‍යවශ්‍යය සාධක වූයේද යන්න ඉතිහාසය අපට උගන්වයි. මහා සාර්ථකත්වයන් සමග නිතරම මහා පරාජයන් අත්වැල් බැඳගත් බව පෙනේ. "බේබ් රූත් "ප්‍රහාරක වාර්තා තැබූ අතිශූර ක්‍රීඩකයෙකි. අසමත් වීම නීතිය ඔහු නිතරම අනුගමනය කළේය .ඔබ වඩ වඩා ඈතට පිත්ත වනත්ම පිටියෙන් වඩාත් ඈතට බෝලය යාමේ ඉඩ වැඩිය. ජීවිතය නැමැති ක්‍රීඩාවටත් මේ නීතිය මෙලෙසම වලංගුය.ඔබ වැඩි වැඩියෙන් උත්සහ කරත්ම ඔබට සාර්ථක වීමේ ඉඩත් වැඩි වේ.

තෝමස් අල්වා එඩිසන් විදුලි බල්බයක් දැල්වෙන එක් ආකාරයක් සොයා ගත්තේ එය නොදැල්වෙන අවස්ථා දසදහසක් පමණ අත්දුටු පසුවය. ඔහුට තම කාර්ය්‍ය සම්බන්ධයෙන් අතිශයින්ම වෙනස් ආකල්පයක් තිබුණි. අසාර්ථක වූ හැම අවස්ථාවක් දෙසම ඔහු බැලුවේ එය පරාජයක් ලෙස නොව ජයග්‍රහණයක් ලෙසය .ඒබ්‍රහම් ලින්කන් යනු තවත් එවැනිම පුද්ගලයෙකි. "පැන යන අය කවදාවත් නොදිනන බවත් දිනන අය කවදාවත් පැන නොයන බවත්" දැක්වීමට ඔහු කදිම උදාහරණයකි. තමාට කෙතරම් අභියෝග එල්ල වුවද ඒ කිසිවකින් තම උත්සහය පළුදු කර නොගැනීමේ අභිමානවත් ඉතිහාසයක් ලින්කන්ට ඇත්තේය."කවරක් කෙසේ සිදුවුවද මම මට හැකි උපරිමය ඉටු කිරීමට කිසිදා පසුබට නොවෙමි .කවර හෝ දිනක මගේ අවස්ථාව පපැමිණෙනු ඇත"ඔහුගේ ජීවිතයමේ ප්‍රකාශය මූර්තිමත් කළේය. ජයග්‍රහණය ලැබෙන තුරු ඉවසන්න ඉවසීමට ඉවසන්න. ඉදින් ජීවිතය එහෙමය, නොනවත්වා උත්සහ කරන්න .

(ලීලානන්ද ගමාච්චිගේ ජීවිතය දිනන්නේ මෙහෙමයි කෘතිය ඇසුරෙනි)

Thursday, September 9, 2010

අ ව දා න ම ක්..

නොහැකිකම මිත්‍යාවකි
අප මුහුණ දෙන හැම වෙනසකම අවදානමක් ඇත්තේය. නොදැනීමේ අවදානම සහ අසාර්ථක වීමේ අවදානම ඒ අතර සුවිශේෂීය. නමුත් ඔබ කැමති වුවද නැතද වෙනස වැළැක්විය නොහේ .ඔබට යමක් මගහැර යාම හෝ සැලසුම් සහගතව ඉටු කිරීම තෝරා ගත හැකිය. සුබවාදී හෝ අසුබවාදී ලෙස නිර්මාණාත්මක ලෙස හෝ විනාශකාරී ලෙස සිතීම මෙහදී ඔබට තෝරාගත හැකිය.ඔබ තුළ ගොඩ නැගී ඇති සාර්ථකත්ව ක්‍රමය විශ්වාස දායක ලෙස ක්‍රියාත්මක වීමට සැලසුම් වී ඇත්තේය අවශ්‍යය දෙය දිගින් දිගටම ඔබ මනසට කියා සිටි විට නිතරම එය දිනා ගැනීමට ඔබට හැකි වේ.ඔබ කියා සිටින අන්දම අනුම ප්‍රතිඵල අත් කර ගැනීමට හැකි වේ. මේ සියල්ල අවස්ථානුකූලව හෝ අහම්බෙන් නොව නීතියක් වශයෙන් නියතව සිදු වේ.මෙසේ සාර්ථකත්වය යනු අනපේක්ෂිත අහඹුවක් නොවේ. ඔබ තුළ වෙනසක් ඇති කර ගැනීම ලොවෙහි ඇති පහසුතම කරුණක් නොවේ. ඒ සඳහා නොතිත් ආශාවක් ස්වයං විනයක් මහත් චිත්ත ඒකාග්‍රතාවක් හා අප්‍රතිහත ධෛර්යයක් තිබිය යුතුය.ඔබ කිසියම් වෙනසකට ගොදුරු වීඇතහොත් එයින් අදහස් කරන්නේ ඔබ සිතන ආකාරය වෙනස් කරගෙන ඇති බවයි එවැනි වෙනසකට ඔබ ලක්වී නැතහොත්එහි අදහස ඔබ සිතන ආකාරය වෙනස් කරගෙන නැති බවයිඑය හුදෙක් ඔබගේම තෝරා ගැනීමක් බව ඔබ දැන ගත යුතුය මේ තෝරාගැනීම අප හැමටම ලැබී ඇති වරප්‍රසාදයකි .වඩාත් තෘප්තිමත්, වඩාත් සාධනිය ජීවීතයක් දිනා ගැනීම දැන් ප්‍රමාද වී ඇතැයි කිසි සේත් සිතිය යුතු නොවේ .

(ලීලානන්ද ගමාච්චිගේ ජීවිතය දිනන්නේ මෙහෙමයි කෘතිය ඇසුරෙනි)

හැම තැනම ඇති තරම්.....


ඔබගේ පෞද්ගලික විශ්වාස සමුහය ඔබගේ යථාර්තය නිර්මාණය කරයි . අප ජීවිතයේ පදනම වන්නේ පෞද්ගලික විශ්වාස මිස අන් කිසිවක් නොවේ. ඔබ දරන සමහර විශ්වාස සාවදය්‍ය. සාවදය්‍ය විශ්වාස පල දරන්නේ කලාතුරකිනි ඔබ දරන වැරදි විශ්වාසයක් නම් අනිකකු ඩැහැගැනීමට ඉඩ ඇති බැවින් දැනට ඔබට හිමිව ඇති දේ රැක ගත යුතු බවය මේ ආරක්ෂණවාදී එළඹුම වෙළඳාමක් වැනිය අන් අයගෙන් ඔබට ලැබෙන ස්වල්පය වෙනුවෙන් ඔවුන්ට අවශය්‍ය වන යමක් ඔබ ලබා දිය යුතුය නමුත් ඔබ නිතරම සිතන්නේ උත්සහ කරන්නේ පළමුවෙන් දෙන්නා ඔබ නොවීමටය මේ උදාසීනගණන් බලන සුළු එළඹුම ඔබ ,ඔබගේම සිරමැදිරියක සිරකරනු ඇත . ඒ සිරමැදිරියේ යකඩ දොර වනු ඇත්තේ සාවදය්‍ය විශ්වාසයයි. ජීවීතයේ අසුබවාදී සිදුවීම් වලට වැඩි අවධානයක් යොමු කිරීම නිසා ලොවේ සියලු දේ කෙරෙහි වඩාත් අසුබවාදී දැක්මක් ඔබ තුළ වර්ධනය වේ .ඔබ වඩාත් නිර්මාණශීලී තලයකට එසවීමට ඒවාට කිසිසේත් නොපුලුවන. ඔබ තුළ ඇති විස්මිත සාර්ථකත්වය පසුපස පවත්නා බලවේගය ඔබගේ සිතයි.

(ලීලානන්ද ගමාච්චිගේ ජීවිතය දිනන්නේ මෙහෙමයි කෘතිය ඇසුරෙනි)

Wednesday, September 8, 2010

ගිනි වගේ ...(හිත)

සිත සමග ඉගනීම
අවංකවම ඔබට එක නිගමනයකට එළඹිය හැකිය. ඔබ ඔබ සිතනවාට වඩා විශාලය. ඔබේ සිතුම් නියම ප්‍රමාණයට සකසා ගත් විට ඔබ සිතන ආකාරයටම ඔබ විශාල වනු ඇත .සිත ගින්දර වගේ විය යුතුයැයි මම කියන්නේ හේතුවක් ඇතිවය .ශක්තිමත් බව තරම් මෘදු දෙයකුත්, මෘදු බව තරම් ශක්තිමත් දෙයකුත් තවත් නැතැයි යන කියමන ඔබ අසා ඇතිද? සියල්ලට මුල් වන්නේ සිතය. සිතම ඇවිස්සිය යුතුය .සිතම දමනය කළ යුතුය .ජයග්‍රහකයකු ලබන ප්‍රතිපලම ඔබට ලබා ගත යුතුයැයි ඔබ සිතන්නේනම්, ඔබ ජයග්‍රහකයකු සිතන ආකාරයෙන් සිතිය යුතුය .අපි :/positive thinking යැයි හදුනාගන්නේ සිත පිළිබඳ කතාවයි උපරිම සාරථකත්වයෙන් ක්‍රියා කරන මිනිසුන්ගේ මූලික හර විශ්වාස දහයක් තිබේ.


  • ජයග්‍රහකයෝ උපදින්නෝ නොවෙති. ඔවුහු තනනු ලබන්නෝය.

  • ඔබගේ පැවැත්මේ ප්‍රමුඛ බලවේගය නම් ඔබ නිරතව සිටින සිතුවිල්ලයි.

  • ඔබට අවශය්‍ය යථාර්තය නිර්මාණය කර ගැනීමට ඔබට ශක්තිය තිබේ.

  • මුහුණ පෑමට සිදුවන සෑම ආපදාවකින්ම ඔබට යම් ප්‍රතිලාභයක් ලැබේ .

  • ඔබ පරාජය වන්නේ පරාජය යථාර්තයක් ලෙස පිළිගන්නේනම් හා උත්සහය අත්හැර දමන්නේ නම් පමණි.

  • අඩු තරමින් ජීවිතයේ එක් ප්‍රධාන ක්ෂේත්‍රයකවත් උපරිමයට ළගා වීමේ හැකියාව ඔබට තිබිය යුතුය.

  • ජීවීතය තුළ යමක් ඉටුකරගැනීමට ඔබට යම් බාධාවක් තිබේ නම්, ඒ ඔබම ඔබ වෙත පටවා ගත් දුෂ්කරතා පමණි .

  • මහා කැපවීමකින් තොරව මහා ජයග්‍රහණයක් ලැබිය නොහැකිය.

  • ඕනෑම අගනා ඉලක්කයකට ළගා වීමට ප්‍රථම සිත බලවත් විය යුතුය.

(ලීලානන්ද ගමාච්චිගේ ජීවිතය දිනන්නේ මෙහෙමයි කෘතිය ඇසුරෙනි)

සං..ගිලි ..පා.ල.ම.......

අත්දැකීම් සමග ඇවිදිමු
ඔබ දුක් විදීමට උගත යුතුය .පරාජයන් තුළින් අසීමිත ජයග්‍රහණයන් අත්කරගන්නේ කෙසේදැයි ඔබ දැන ගත යුතුය. මිනිසුන්ට දයාබර වීමේ සියම් කලාව ඔබ අත්හදා බැලිය යුතුය. අතීතය ගැන පසුතැවිලි නොවිය යුතුය. ඔබ උනන්දු විය යුත්තේ අනාගතය ගැන පමණි .මන්ද ඔබේ ජීවිතයේ ඉතිරිය ඔබ ගෙවන්නේ අනාගතයේ මිස අතීතයේ නොවේ .ඔබ දුක් නොවිය යුතුය .අත්වන විපත කුමක් වුවත් අධෛර්යය නොවී ශෝක නොවී සිටිය යුතුය. ආත්ම විශ්වාසය යනු සාර්ථකත්වයේ පළමු පියවරයි. ජීවිතයේ සිදුවීම් කෙරෙහි විශ්මයට පත් වීම තරම් හාසය්‍යජනක තවත් දෙයක් නැත .සියල්ල තුළ ඇති සුබවාදීත්වය දකිමින්, ජිවිතයේ ජයග්‍රහණය උදෙසා ඇවිදීම අපහසු වනු ඇත. නමුත් අප ඒ අපහසු දේ කළ යුතුමය.

එය කළ යුතුයැයි යමෙක් සිහින නොමැව්වේනම්,

එය එසේ විය යුතුයැයි යමෙක් තම කැමැත්ත පළ නොකළේනම්,

එය එසේ විය යුතුයැයි යමෙක් විස්වස් නොකළේම් ,

අහස උසට නැගි මේ සා විසල් ගොඩනැගිලි ඉදිවේවිද ?

අමතක කරමුද එය?

කඳුල යනු සිනාවය
සියලුම කුසලතා අතරින් අපට අතිශයින්ම වැදගත් වන කුසලතාව අමතකකිරීම යැයි මා කිවහොත් ඔබ පුමයට පත් වනු ඇත. නමුත් එය හිතළුවක් නොවේ. මිනිසා බුදින්නේ කුමක්ද? මිනිසා සිතන්නේ කුමක්ද?ඔහු එවැන්නෙක්ම වේයයන කියමන ඔබ අසා ඇත. නමුත් මිනිසා අමතක කරන්නේ කුමක්ද ඔහු එවැන්නෙක්ම වේයැයි මම කියමි. ඔබ සතුට හා සාර්ථකත්වය ළගා කරගත යුතු යැයි පවසමින් අමතක කිරීමේ හැකියාවද ලබා ගත යුතුයැයි මා කියන විට මේ කියමන් එකිනෙකට පරස්පර නේදැයි ඔබට සිතෙනු ඇත .එය පහසු දෙයක් නොවේ. එසේම ඔබ සිතන තරම් අපහසු දෙයක්ද නොවේ .කෙසේ වුවද එක් දෙයක් ඔබට පැහැදිලිව කියමි. එනම් ඔබ අමතක කිරීමට උගත යුතුය. අප තුළ ඇති හැකියාවන්ගෙන් උසස්ම හැකියාව ස්මරණය බව ඔබ දනී .තොරතුරු හා අත්දැකීම් මනසේ රදවා ගැනීමට ඔබ තුළ ඇති හැකියාව අතිශයින්ම වැදගත් බව කිව යුතුය.නමුත් ඔබ මනසෙන් යමක් ඉවත් කොට තැබීම හෝ අතුගා දැමීම ඒ ආකාරයෙන්ම වැදගත් බව අමතක නොකළ යුතුය. ඔබ විසින් අමතක කළ යුතු පරජයන් වැනි අහිතකර සිද්ධි මනසෙන් ඉවත් කිරීමට ඇති හැකියාව කෙතරම් ආශිර්වාදයක්ද?
සිතුවිලි නම් වැදගත්මය යන අදහස මම අදහමි.
එහෙත් එක් දෙයක් ප්‍රතය්‍යක්ෂය,
එනම් අමතක කළ යුතුමය සිත පෙළන සියල්ලම
ඒ පෙළීම් පැවරෙයි අප සිරුරට,
අප සුසුමට,
පියාපතට ,
සැබෑ කරගත හැකියැයි මට මා දකින සිහිනය
කියා සිතුවොත් නිසැකව,
හැකිය එය ඉටු කරගනු
එබැවින්ම අඔබ අමතක කළ යුතුමය
සිත පෙළන සියල්ල,
මට හැකිය මම දිනමි
අදහතොත් දිවි හිමියෙන්
ලැබෙනු ඇත හැම සම්පත්
යාමට ජයකණුව වෙත
එබැවින්ම අඔබ අමතක කළ යුතුමය
සිත පෙළන සියල්ලම................

(ලීලානන්ද ගමාච්චිගේ ජීවිතය දිනන්නේ මෙහෙමයි කෘතිය ඇසුරෙනි)

Sunday, September 5, 2010

එසේ නම්........!

හුදකලාව කලාත්මක මිනිසුන් මවයි

නොකළ වරදක් ඔබට පටවා


ලොවම ඔබ වෙත කඩා වැටෙමින්,


අවමාන පරිභාස ලබමින්


සිටියදී හව්හරණ නොමැතිව,


ඔබේ හිස තිර ලෙස තබාගෙන


නිරවුල්ව හැකි නම් සිතන්නට ...


ලොවම


ඔබ ගැනසැක කරද්දී


ඔබම ඔබ ගැන නිසැක වේ නම්,


බලාඉන්නට, දරාඉන්නට,


ඔබට හැකිනම් වෙහෙස නොදරා,


සියල්ලන් ඔබ රැවටුවත් නිති


බොරුව මත නොයැපී සිටිත්නම්,


ඔබට වෛර පුදන විටදී


වෛරයෙන් තොර සිතක් ඇත්නම්...


බොහෝ හොඳ නොදැකම සිටිත්නම්


බොහෝ පණ්ඩිත කතා නොකියා,


ඔබේ අරමුණ ගැනම නොසිතා


සිතිය හැකිනම් වෙනස් අරමුණු,


මැදහත්ව ජය පරාජයෙදී


නොසෙල්වී හැකිනම් සිටින්නට ,


ඇසෙන සත්‍යය පෙරාගනිමින්


උගුල්වල නොවැටී සිටිත්නම්,


දිනාගත් හැමදේම දියවී


බිඳ වැටුනුවිට ජීවිතය ඔබ,


අතැති දුබලැති අවිය ගෙන


ඉන් මුලපිරිය හැකිනම් දිවිය යළි,


ඔබේ සැමජය එක මිටට ගෙන


කාසියේ වාසිය ලෙසින් මැන,


පරාජය ජය සමසිතින් ගෙන


දරාගෙන සිටින්නට හැකියි නම්...,


එකම වදනක් මුවින් නොහෙළා


මුල සිටම ඇරඹියහැකියි නම්,


බලා සිටි දිගු කලක් තිස්සේ


ඔබේ වාරය ගිලිහුනාදෙන්,


නොසෙල්වී නොබිදී සිටීමට


හදවතම දෙයිනම් නියෝගය,


අතහරින්නට එපායැයි


පුනපුනා කියන අදිටන හැර


වෙනත්කිසිවක් ඔබේ සහයට


ඔබේ අතළග නොමැති වුවද,


නොතිත් සුධවල බවම රකිමින්


විසල් පිරිසක් ඇමතුවද ඔබ,


රජුන් සමගම ඇසුරු කරමින


දනන් සමගින් සිටිය හැකිනම්,


ළබැඳි පෙම්බරයන්ද සතුරන්


තලන විට හදවතට පැනපැන,


ලොවම ඔබ වෙත බලාසිටියත්


ඔබ කෙරෙහි විශ්වාස තබමින,


කිසිත් ගැන විශ්වාස නොතබා


ඔබම ගැන විස්වස් කළේනම්,


සමාව නොදිය හැකි මිනිත්තුව තව


හැටක තත්පර දිගුකරයි නම්,


මිහිතලය හා සියල්ලම දැන්


"ඔබවේය පුත ඔබගේය දැන්........"



(රද්යාද් කිප්ලිං ගේ නිර්මාණයක සිංහල අනුවාදය)

Sunday, August 29, 2010

කිසා ගෝතමිය මම.........

(නිර්මාණශීලීත්වය යනු ජීවිතය සාර්ථකත්වය කරා ගෙන යන පාරුවකි)
අවපස රැයෙක
පුරපස ගම්දොරින් නික්මින ,
සත්පියුම් පෙති පොළවෙහි දනන් පය වැකී විසිරින
අයාලේ යන සුළං පහරේ
පෙති කදුලු අතුරනු කොහොම ,
කිරි මුට්ටි හතක් ගෙන ගග උඩින් පියාඹන
කොකුන්ගේ අවලාද සිනාහඩ විතරමය .......

:/ශ්‍රි පාද කදු මුදුනත
සිප සිප නැගෙන ඉරමල ,
නැවතුනේ කොතැනද මග දිග
නොවැටී සත් පියුම් පෙති මත,
අවසග අදුරු කලුවර
මැකුවාට සිගිති පා ලකුණු
ඉහිරුනේ නෑ පුතුනි
නුඹ නමින් ළයෙහි ගැලු කිරි පොද .....

නැගෙන සැණකෙළි එඩින් සිව්දෙස
මහරු සිදුහත් උපත කියවින ,
මිනී මල් පිපි පාලු පොළවට
කියමි ඉකිබිද හිතේ රැදි දුක,
රගහලකි අද පුරය හැම අත
නොමැත හඩනා එකකු සිහිකොට
හොවා පපුතුර සගවාන හැදු
අගය පුත නුඹ මටම පමණය ,
පුතුන් බිළිගත් රුදුරු පොළවට
මවක කෙළෙසක පෙම් කරන්නද......?

දෑස දුන් මිනිසා සොයා......

ගලක් ළග මෙළෙක් වූ හිත
(රසාස්වාදනය යනු අපුර්ව මනසක් නිර්මාණය කරන්නකි.ගීතයක් යනු අපුර්ව ජීවිතයකි.මේ එවන් වූ සංකල්පනාවකි.)

කලු ගලත් සියුමැලිද මෙතරම්

හිතාගන්නත් බැරි නිසා

මම ගියා අවුකන බුදුන්ටත්

දෑස් දුන් මිනිසා සොයා......

කලා වැව ළග ඉලුක් හෙවනක

මැටි බිමක පැදුරක් එලා

රිදෙන අත් පිරිමදී බලමින්

මැරෙන ඉපදෙන රළ දිහා.......

ඉසුරුමුණියේ නුඹ තැනූ

පෙම්බරිය කෝ කොහිදැයි කියා

මම ඇසූ විට හිනැහුනා ඔහු

තාම තනිකඩ යැයි කියා........
(සුනිල එදිරිසිංහයන් ගයන ගීතයකි)

දිගම්බරයාගේ ප්‍රේමය....


"විරහිනියකගේ අමාවක රාත්‍රිය

රාහු ගිලගත්තාද සකි සඳ,

කොයිවත් නැත මගේ සඳ

නැත නැත ඒ කිසිත් නොව,

මුවා කළ හිරු එළිය හිනාවෙන

පෘථිවි සෙවනැල්ල

චන්ද්‍රයා මත වටී ඇත,

වටහා ගන්නට මැළි වුවද පෙර

සත්‍යය නම් එයමය,

අජීවි පාංශු කදම්භයකට

මගේ යැයි කිසිදාක නොකියමි නැවත...."

අරුම පුදුම මිනිහෙක්.....



ලොවේ ඇති අරුම පුදුම දේවල් ගැන ඔබ අසා ඇත.සොබාදහමේ හැම අංගයක්ම විශ්මිතය.ලොවේ අතිශයින්ම විශ්මිත නිමැවුම ගැන ඔබ සිතුවාද වැඩිදුර යන්නට උවමනා නැත."නුවන් බැහැර නහමා තමාම නොදක්නේ කිම්.."ඔව් ලොවේ විශ්මිත නිමැවුම ඔබ යි.මිනිස් සතා සොබාදහම් දිනිතියේ අසමසම නිමැවුමයි.ඔහුට කතා කරන්නට පුලුවන.සිතන්නට පුලුවන.තම සිතැගි පළ කරන්නට පමණක් නොව ඒවා අනුන් ලවා ඉටු කරගැනීමටත් පුලුවන.


මිනිසා අද සිටින තැනට පැමිණියේ ඒක සෛල බීජාණුවක සිට විවිධ ආකාරයේ සත්ත්වයන් බවට පරිණාම වෙමින් බව චාල්ස් ඩාවින් පැහැදිලි කළේය. මිනිසා කෙටි වාර්තා චිත්‍රපටයක් වැනියැයි මා පැවසුවහොත් ඔබ එකග වන්නේද ඔබ සුවිශේෂි බව ඔබට ඒත්තැ ගැන්වීමට මම වෑයම් කරමි.ඉදින් ඔබ ඔබේ සුවිශේෂි මනසින් දෑසින් අතින් දෙපයින් වැඩගත යුතුය. ඔබ ඔබේ දෙපයින් ඔබ වෙනුවෙන් බොහෝ දුර ඇවිදිය යුතුය.


නොදිසි බලයක් වන මිනිස් අදිටන


අමරණීය ආත්මයේ දරුවාය,


පළිගු බිතක් හරහා වුව


ඉලක්කයට විදිය හැකිය එයින්,


කවරකු වීමට රිසිද ඔබ


වේවි ඔබ එවැන්නෙක්ම,,


ඔබ අවට දුගී වදන් පිරිනමනු ඇත


පරාජය ඔබට,


ඔබ ආත්මය එයට අවමන් කොට


මුදා ගනු ඇත එයින් ඔබ,


කාලයෙහි නියමු බව ලබන දින


විජයග්‍රහණය කරයි අවකාශය


ඇගයුම රැවටිල්ල බියපත් කර


කුරිරු බවට එඩියෙන් මුහුණ දී


බැරි බව පළවා


කිරුලු දරයි අදිටන්.......



මුලු නිව්යෝර්ක් නගරයම විනාශ කරන්නට තරම් වුවත් සෑහෙන පරමාණු ශක්තියක් එක් මිනිසෙකුගේ ශරීරය තුළ ඇත්තේය. එය එසේ වී තිබියදී සහ එහි සත්‍යතාව ප්‍රතික්ෂේප කළ නොහැකිව තිබියදී හීනතා සංකීරණයක් ගැන අප කතා කරන්නේ ඇයි ලෝකයේ විශාලතම නගරය පුපුරුවා හැරීමට තරම් ප්‍රබල වන බලයක් සැබැවින්ම ඔබ තුළ තිබේ නම් ඔබ ජීවිතයේ මුහුණ දෙන ඕනෑම බාධාවක් දුෂ්කරතාවක් ජය ගැනීමට හැකියාවක් ද සැබවින්ම ඔබ තුළ තිබෙනවා විය හැකිය.



"ඔබ ගැන ඔබම දැන ගන්නයැයි කියූ පයිතගරස් සපුරා නිවැරදිය.ඔබගේ බලය හා ශක්තීන් දැනගැනීමද එයට අයත්ය.ඔබ ඔබ ගැන දන්නා විට සහ ඔබ තුළ ඇති අනන්ත සුවිශාල බලය හා ශක්තින් පසක් කර ගන්නා විට තමා හීනයෙකි යන වැරදි විශ්වාසය දුර්මුඛ වී ඔබ තවදුරටත් පරාජිත පුද්ගලයෙකු ලෙස සිටීම අවශ්‍ය නොවන බව ඔබට වැටහෙනු ඇත.


ඔබ නිතරම පාහේ පරාජිතයකු ලෙස සිතන බව රහසක් නොවේ.තමා පරාජිතය යන අදහස පිළිගන්නා අය නිසැකවම පරාජිතයන් බවට පත්වෙති. මිනිසුන් සාර්ථක වන්නේ අවපීඩන චිත්ත ස්වාභාවයන් තමන් තුළ ඇති වු විට තමන් පරාජිතය යන සිතුවිල්ල නොපිළිගෙන ඒ චිත්ත ස්වාභාවයන් සියල්ල පිය හැරීමට සමත් වීම හේතුවෙනි.


"ධෛර්යය හා විශ්වාසය යනු හුදෙක් වචන නොවේ.නමුත් මිනිසෙකු පරාජය විය හැකි බව දකින විට ඔහුට ඉදිරියට යාමට සලසවන්නේ ඒ වචන බව අමතක නොකරන්න.."


(ලීලානන්ද ගමාච්චිගේ ජීවිතය දිනන්නේ මෙහෙමයි කෘතිය ඇසුරෙනි)

Thursday, August 26, 2010

හඳුනාගත්තොත් ඔබ....ඔබව


හිරුගෙන් පණ ලබන මේ සෑම ගහක් කොළක් වැලක් මලක් සේ ම ඔබද අසිරිමත්ය. මවගේ ගර්භාෂයේ ඉපදුනු දා පටන් ම ඔබ සුවිශේෂිය. ඔබ පරිපූර්ණ මිනිසෙකු වූයේ මවගේ ගර්භාෂයේ කළලයක් සේ පිළිසිඳුනදා පටන් යැයි මම කියමි.මන්ද සොබාදහමේ අසිරිමත් ජීව ක්‍රියාවලියේ සොඳුරුම නිර්මාණය ඔබ වන බැවිනි.ඉදින් ඔබේ ඔය පා සළකුණ ඔබෙන් පසු නැවත කිසිදිනක මේ මිහිතලය මත සටහන් වන්නේ නැත.ඔබේ සිතිවිලි ඔබෙන් පසු කිසිදිනක මේ වායුගෝලය හා ගැටෙන්නේ නැත.ඔබ සුවිශේෂියැයි මම කියන්නේ එබැවිනි.
එක් වරයි මා මේ මංපෙත සරන්නේ
එබැවින් කිසියම් අයෙකුට වේනම් යහපතක්
මගෙන් ඉටුවිය යුතු ,
වේ නම් කුලුණු ගුණයක් යම්
මා විසින් පෑ යුතු,
ඒ මෙහෙවර
මේ ගමනේදීම
ඉටු කරනු මා රීසියැයි,
නොඑන බැවින් යළිත් මේ මග සරනට
ඉඩ නොදෙනු මැන මගේ මෙහෙවර කල් දමන්නට......





Wednesday, August 25, 2010

සුළග හමන බව දැන සිටියාද?


"උතුම් සිතක් ඇත වෙහෙසක් නැත උදවු කිරීමේදී "එසේ පැවසවේ මහා සාහිතය්‍යකරු ශේක්ෂ්පියර්ය. සියල්ල නැති වී ගිය පසුත් ජීවත් වීමට ධෛර්යයක් ඇතැයි මා උගත්තේ ඔවුන්ගෙනි. අංශුමාත්‍රයක් තරම් හෝ ඉඩක් ඇරඹීම උදෙසා නැති වුවත් ජීවත් විය හැකියැයි මම අදද විශ්වාස කරමි. අංශක 360 ලෝකය කැරකෙද්දී නොසෙල්වී සිටිය හැකි ශක්තියක් ඔබ තුළ ඇති කිරීම මගේ පරමාර්ථයයි. වැරදි වැරදී හෝ අවසානයේ හොඳම තීරණයක් ගත හැකි බව ඔබට පෙන්වීමට මට අවැසිය .යමක් ගැන ආශා කිරිමත් එය ලබා ගැනීමට සූදානමින් සිටීමත් අතර වෙතසක් තිබෙන බව ඔබ දැන ගත යුතුය. එක් තැනක මෙසේ සඳහන් විය.
"රුපියලක් පතා මම ජීවිතය සමග කේවල් කළෙමි .

ඉල්ලූ දෙයට වැඩියෙන් නොගෙවීම ජීවිතයේ ස්වාභාවයයි .

එසේ වුවත් මා සතු වූ සොච්චම ගණන් කරන විට මා සවස බැගෑපත්ව දුක් වෙමි .

ජීවිතය සාධාරණ ස්වාමියෙකි .ඔහු ඔබට දෙන්නේ ඔබ ඉල්ලූ දෙයයි.

එහෙත් ඔබ කුළිය නියම කරගත් පසුව ලැබෙන වැටුප භාරගත යුතුය .

දාසයකුගේ කුළියට මම වැඩ කළෙමි .

එහෙත් සුන්වූ බලාපොරොත්තු ඇතිව මා වටහා ගත්තේ

මා ජීවිතයෙන් ඉල්ලූ කවර වැටුපක් වුවත් ජීවිතය ඉතා සතුටින් මට දෙන්නට තිබූ බවයි.."

ඉදින් ජීවිතය යනු එයාකාර දෙයකි .ප්‍රාර්ථනා බලවත් වන්නේ වෙහෙස වූ විටය .වැඩ කිරීම උත්තම ක්‍රියාවකි .සෑම මොහොතක්ම කුතුහලයෙන් හා ජයග්‍රහණයන්ගෙන් පිරී ඇති බව ඔබ ටිකෙන් ටික උගෙන ගන්නවා ඇත. "අපේ සබඳකම් තිබේනම් අපි හමුවන්නෙමු "අමරණීය එමර්සන් කීවේය. මෙම හමුවීමට මොහොතක නැවතුම තබමින්, ඔහුගේ අදහස ණයට ගෙන" අපගේ නෑ සබඳකම් තිබේනම් මේ සයිබර් අවකාශයේදී අපි උනුන් හමුවී සිටිමුයැයි කියන්නට මට අවසරද?

නමස්කාරය!

මාතු පාදං පීතු පාදං
" බුදු වෙන දින
අපෙ අම්මා
අපෙ අප්පච්චීද බුදු වේවා
බුදුවරු දෙදෙනෙකු වැඩි නැත......."