මම?..... නුඔ...?
එක රුපියලකින්? .......නොව
එක පිදුරු ගසකින්?...... නොව
එකම එක මිනිස් හැගිමකින්,
මම නුඹට වඩා පොහොසත් වෙමි............
මේ සා විසල් ප්‍රේමයක්
ස්නේහයේ
ගිජ්ජකුට පර්වතය පාමුල
දෙදරවා ගිය විජ්ජුලතාවක් සේ
මම නුඹට.................... ප්‍රේම කරමි?
දෙබැම හකුළුවා වසා ගත්
නුඹේ දෙනයන වලට
මං මගේ දෙඅදර සමග
සංවාද වීමට ඉඩ හරිමි...
සීතලක්, නුඹ එවිට කොඳුරනු ඇත
නෑ ඒප්‍රේමය, මම එවිට නිවදන් සපයමි,
ප්‍රේමය ළග, මම නුඹට පරාද වමට කැමතිය
මනමාල හුළං බෝ හැමූ හැටි මතකය,
නුඹ මට මාව අහිමි කළ හැටි
ප්‍රේමණීය ස්මරණයක් ලෙස
මා ළග දැවටෙන බව නුඹ දන්නවාද?
ඉදින් (අ)සංස්කෘතික මගේ ප්‍රේමය ළග
කල්පනාවේ හිරිඔතප් බිඳ දැමූ
නුඹට මම බොහෝ සේ .....................ප්‍රේම කරමි?
මියෙමි රැකුමට නුඹේ පණනල...................

සිඹ සිඹ සිඳු අගන
වෙලිවෙලී පෙම අයදින
යළි යළි ගගන සරසන
ඉසුරු කුමකට හිරු දෙන,
නුදුරක දියඹ දිස්වන
ගලක් වුව නුඹ තනි වුණ
දියපෙඳ පාසි වෙස් ගෙන
සොම්නස බෙදමි දුක ගෙන,
තෙමි තමී දළරළට සීතල
දැවි දැවී රිවි සැට සවිබල
පෑගි පෑගී ගියත් පා වල
මියෙමි රැකුමට නුඹේපණනල..............
අම්මා බුදු වේවා
නාවර පෙරෙන සොටු කැබිලිති සූරා
මලකඩ වතුර උනන
පයිප්පෙන් මුව සෝදා,
අයනු ආයනු නොදැන
අයනු ආයනු ඉගනුමට
මුඩුක්කු පේළියේ පකිස් ලෑලි ගැසු
මේරි ටීචර්ගෙ ඉස්කෝලෙට
මාව අරන් ගිය අපෙ අම්මා.......
අනික් හෙළුවැලි කොළු කෙල්ලන් අතර
උන්නෙ මම විතරයි,
ඇඳුම් ඇඳගෙන
ලැජ්ජා සිතුනි මට,
හුළං විස්කෝතුවක් එක්ක
කහට කෝප්පයක් දෙන
ඉස්කෝලෙ විවේකෙදි ගෙදර විත්
හෙළුවෙන් ඉස්කෝලෙ යන්න ඕනෑ යි
සණ්ඩු කරන විට
දබරැගිල්ල උරුක් කොට
ජීවිතේ පළමු පාඩම
මට කියා දුන් අපෙ අම්මා.........
හන්දියේ බෝ ගහ යට
උරමින් බීඩි කොටයක්
සිහිගන්වමින් පණගිය පරාණයක්
උන්නා ඇණකුටුගසාගෙන
ගෙදර ගෘහ මූලිකයා හෙවත් "අපේ අප්පොච්චී"
"ජීවිතය අනිත්‍යයි"
කොටාගෙන පච්චයක් පපුව මැද
කුණුවතුර කාණු වල ජීවිතය දිය කරන හැටි
මට කියා දුන් අපේ අප්පච්චී.........
පයිප්පෙන් දොවා මුව
උලා ලක්ස් සබන් පිරියම් කොට
බැස්සාය මහ මගට
ගොම්මනේ කනිසමට
රෑ වැඩට යන්නට අපෙ අම්මා.......
අත දැම්මාය ත්‍රීවීලරයකට
සුනංගුයි අද ටිකක් පවසමින් රියදුරුට
"මොනවද උඹ බලන් ඉන්නෙ"
ගිහින් පාඩම් කරපන් "යශෝධරාවත"
කියමින් රවා මග ගිලුනාය ඈ
ආපසු හැරී බැලුවෙ
මි ත්‍රීවීලරය පසුපස ලියා තිබුනා
"අම්මා බුදු වේවා............"
ඔබයි මගෙ "ටජ්මහල"
නොනිදනා සිත ළගින්
කාන්සිය මුදාහළ
ඔබයි දිවියෙහි කවිය
හැමදාම ලියත හැකි ,
හුදකලා රාත්‍රියේ
සුසුමකින් හද තෙමන
ඔබයි සුවඳැති කුසුම
නෙතු වසාසිඹිත හැකි ,
වයළිලා ගිය සිතට
සෙනෙහෙ ගග ඔබම විය
නොමියෙනා සෙනෙහසින්
මතකයට වී සුරැකි
ඔබයි මගෙ "ටජ්මහල"
බල බලා මියෙත හැකි.....
කිසාගෝතමිය මම
අවපස රැයෙක
පුරපස ගම්දොරින් නික්මින ,
සත්පියුම් පෙති පොළවෙහි
නන් පය වැකී විසිරින
අයාලේ යන සුළං පහරේ
කිරි මුට්ටි හතක් ගෙන
ගග උඩින් පියාඹන
කොකුන්ගේ අවලාද සිනාහඩ විතරමය .......
ශ්‍රි පාද කදු මුදුනත
නැවතුනේ කොතැනද මග දිග
නොවැටී සත් පියුම් පෙති මත,
අවසග අදුරු කලුවර
ඉහිරුනේ නෑ පුතුනි
නුඹ නමින් ළයෙහි ගැලු කිරි පොද .....
නැගෙන සැණකෙළි හඩින් සිව්දෙස
මිනී මල් පිපි පාලු පොළවට
කියමි ඉකිබිද හිතේ රැදි දුක,
රගහලකි අද පුරය හැම අත
හොවා පපුතුර සගවාන හැදු
අගය පුත නුඹ මටම පමණය ,
මවක කෙළෙසක පෙම් කරන්නද......?
.......