
හිරුගෙන් පණ ලබන මේ සෑම ගහක් කොළක් වැලක් මලක් සේ ම ඔබද අසිරිමත්ය. මවගේ ගර්භාෂයේ ඉපදුනු දා පටන් ම ඔබ සුවිශේෂිය. ඔබ පරිපූර්ණ මිනිසෙකු වූයේ මවගේ ගර්භාෂයේ කළලයක් සේ පිළිසිඳුනදා පටන් යැයි මම කියමි.මන්ද සොබාදහමේ අසිරිමත් ජීව ක්‍රියාවලියේ සොඳුරුම නිර්මාණය ඔබ වන බැවිනි.ඉදින් ඔබේ ඔය පා සළකුණ ඔබෙන් පසු නැවත කිසිදිනක මේ මිහිතලය මත සටහන් වන්නේ නැත.ඔබේ සිතිවිලි ඔබෙන් පසු කිසිදිනක මේ වායුගෝලය හා ගැටෙන්නේ නැත.ඔබ සුවිශේෂියැයි මම කියන්නේ එබැවිනි.
එක් වරයි මා මේ මංපෙත සරන්නේ
එබැවින් කිසියම් අයෙකුට වේනම් යහපතක්
මගෙන් ඉටුවිය යුතු ,
වේ නම් කුලුණු ගුණයක් යම්
මා විසින් පෑ යුතු,
ඒ මෙහෙවර
මේ ගමනේදීම
ඉටු කරනු මා රීසියැයි,
නොඑන බැවින් යළිත් මේ මග සරනට
ඉඩ නොදෙනු මැන මගේ මෙහෙවර කල් දමන්නට......
No comments:
Post a Comment