එන්න පය ගසා නවතින්න මේ සොඳුරු පොළවේ

Thursday, September 16, 2010

ෂේක්ස්පියර්ට සම වීමට වෑයම් කළ මම?

ෂේක්ස්පියර් ගේ පොත් කාමරය


ෂේක්ස්පියර් ඉපදුන තැන



අත්දැකීම් අඩු දාට ජීවිතය කෙනෙහෙළි කම් කරන බව ඔබ දන්නවාද?ජීවිතය අත්හැරෙන හැම මොහොතකම යළයළිත් නැගිටිය යුතුයැයි ලොවට කීවේ ෂේක්ස්පියර්ය. ඔහුගේ කවි වල ලියැවී තිබුණේ වැටෙන විට අමාරුවෙන් නැගිටගත් ජීවිතය බව ඔබ දැන උන්නාද නොදනමි. ඔහුගේ නිර්මාණ රස විදින අපි ඒ රසවීඳීමට යටින් දිවෙන්නේ දුකම බව දැන උන්නාද? අනික් මිනිසුන්ගේ විදීමඋදෙසාම පමණක් ඔහු ලීවේය. "උතුම් සිතක් ඇත වෙහෙසක් නැත ඔබට උදව් කිරීමේදී"ඔහු ලියන්නේ එබැවිනි. ඉදින් මම ඔහු තුළ ඔහුව කියවමි. ඔහුම වන්නට වෙහෙසෙමි.
සිතන්න අනිත්අයට වඩා වැඩියෙන් ,
වැඩ කරන්න අනිත් අයට වඩා වැඩියෙන්,
බලාපොරොත්තු වන්න අනිත් අයට වඩා වැඩියෙන්,
(ෂේක්ස්පියර්)

ජීවිතය පාරමිතාවක් විය.........


අනුකම්පාව වෙනුවට උපේක්ෂාවෙන් බලන්නටත් ,ජීවිතය මේ යැයි වටහා ගන්නටත්, මම මේ දැනුදු වෑයම් කරමි. නිහතමානීකම හා ඉවසීම නිවට කමැකැයි සිතන මිනිස්සු සිටින බැව්ද අපි දනිමු. එහෙත් එවන් ඉවසීම හා නිහතමානීකම ගැන ඔබ ආඩම්බර වන දිනයක් අනිවාර්යයයෙන්ම පැමිණෙනු ඇත. ඉදින් දුකේදීත් සැපේදීත් ඉවසන්න. ඉවසීමෙන්ම සංසිදෙන්න.
සැදෑ වළාකුළු පැමිණ
ඉර වසා ගත් කල්හි,
සියපත මියැදෙනු කොහොම
මෙතරම් ඉවසීමකින්,
සුළං රැළි හමා
මලෙක පෙති අග රිදවනු දැක
නටුව ඉවසා සිටිනු කෙලෙසක,
ඒ සියපත සේම ඒ නටුව සේම.......... ඉවසමි
ජීවිතය තුළ මම....................

Friday, September 10, 2010

බල කරනවද ඒත්තු ගන්වනවද

වෙනත් පුද්ගලයන් කෙරෙහි බලපෑම් ඇති කිරීමේදී ඔබට තෝරා ගත හැකි විකල්ප තුනක් ඇත්තේය .පළමු විකල්පය නම්, ඔවුන් ඔබගේ යහපත වෙනුවෙන් ක්‍රියා කරනු ඇතැයි සරලව සිතමින් ඔවුන්ව නොසළකා හැරීමය. දෙවන විකල්පය වන්නේ, ඔබ කැමති සුවිශේෂ ආකාරයකට කටයුතු කරන ලෙස සෙසු අයට බලපෑම් කිරීමය.තෙවන විකල්පය නම් ඔබට අවශ්‍ය දේ අනෙක් අයටත් අවශ්‍ය වන නිසා එය කිරීමේ වැදගත් කම අන් අයට ඒත්තු ගැන්වීමය.
මේ අතරින් කුමක් සාර්ථක වේද? නොසළකා හැරීම සාර්ථක ක්‍රියාවලියක් නොවේ .ඔබ එය දන්නවා ඇත. එය දරුණු වේදනාවක් මෙන්ම අන් අය තුළ ඔබ කෙරෙහි පහන් සිතුවිලි නැතිවී යාමටද හේතුවකි.බිය වැද්දීමෙන් ඔබේ අරමුණ යම්තාක් ඉටුකර ගැනීමට හැකි වනු ඇත .නමුත් බය උපයෝගී කරගන්නා උපක්‍රම පුද්ගලයන් තුල ඇති විශිෂ්ඨත්වය පිටතට හයා ගැනීමට කෙසේවත් සමත් නොවේ.
මිනිසුන් සමග ගනුදෙනු කිරීමේ දී මුලික වන සැබෑ ගැටලුව මෙයයි. ජීවත් වීම හා උනුන් එකමුතුව වැඩ කිරීමේ හැකියාව වර්ධනය කරගැනීම අතින් පසුබට වීමට හේතු කිපයක්ම බලපා තිබේග දීර්ඝ මානව පරිණාමය තුළ අප ශිෂ්ටාරවත් මිනිසුන් ලෙස ජීවත් වූ කාලයට වඩා වනචාරී පරිසරයක ජීවත් වූ කාලය වැඩි වීමයි. දෙවැන්න නම් දිගුකාලීන බරපතල ප්‍රතිවිපාක ගැන සළකා බැලීමකින් තොරව එක් පුද්ගලයකුට වාසියක් ලබා ගැනීම සඳහා තවත් අයකු මත වරද පැටවීම ඉතා පහසු කාර්යයක් වීමයි. තෙවනි කාරණය නම් සියලු දෙය දෙස තම තමන්ගේ දෘෂ්ටියෙන් පමණක් බැලීමට උත්සහ කිරීමයි .මෙබඳු කරුණු හේතුවෙන් ජීවිතයේ ඉතා වැදගත් කරුණක් අපට නොපෙනී ගිලිහී යාම දැකිය හැකිය. එනම් අප පුද්ගල සබඳතා කෙරෙහි දුර්වල බවය.ජීවිතයේ අභියෝග ජය ගැනීමට නම් පුද්ගල සබඳතා වැදගත් බව සිහියේ තබා ගත යුතුය.
(ලීලානන්ද ගමාච්චිගේ ජීවිතය දිනන්නේ මෙහෙමයි කෘතිය ඇසුරෙනි)

අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි...!

බේබරූත්,ඒබ්‍රහම් ලින්කන්, තෝමස් අල්වා එඩිසන්

ඕනෑම ඉලක්කයක් හඹා යන විට නිතරම අනපේක්ෂිත දුෂ්කරතා සහ බාධා මුණගැසෙයි. පටන් ගත් ප්‍රථම අවස්ථාවේදීම කිසිමඅගනා අරමුණක් එසැණින දිනාගත හැකි නොවන බව තේරුම් ගැනීමට බොහෝ අය අසමත් වෙති. සාර්ථකත්වය සඳහා වන ඕනෑම ක්‍රියාවලියකදී අසමත් වීම අත්‍යවශ්‍යය සහ වැදගත් අංගයකි . බොහෝ අය අර්ථවත් අභියෝගාත්මක අරමුණු මුල් කරගෙන ක්‍රියාකාරී නොවන්නේ අසමත් වීමට ඇති බිය නිසාය .නමුත් පරාජය යථාර්ථයක්යැයි පිළිගන්නා තුරු සහ උත්සහය අත්හැරදැමීමට තීරණය කරන තුරු ඔබ පරජිතයෙක්යැයි පිළිගැනීමට නොපුලුවන.
සියලු මහා සාර්ථකත්වයන් සඳහා අසමත් විම සහ පරාජය කොතරම් අත්‍යවශ්‍යය සාධක වූයේද යන්න ඉතිහාසය අපට උගන්වයි. මහා සාර්ථකත්වයන් සමග නිතරම මහා පරාජයන් අත්වැල් බැඳගත් බව පෙනේ. "බේබ් රූත් "ප්‍රහාරක වාර්තා තැබූ අතිශූර ක්‍රීඩකයෙකි. අසමත් වීම නීතිය ඔහු නිතරම අනුගමනය කළේය .ඔබ වඩ වඩා ඈතට පිත්ත වනත්ම පිටියෙන් වඩාත් ඈතට බෝලය යාමේ ඉඩ වැඩිය. ජීවිතය නැමැති ක්‍රීඩාවටත් මේ නීතිය මෙලෙසම වලංගුය.ඔබ වැඩි වැඩියෙන් උත්සහ කරත්ම ඔබට සාර්ථක වීමේ ඉඩත් වැඩි වේ.

තෝමස් අල්වා එඩිසන් විදුලි බල්බයක් දැල්වෙන එක් ආකාරයක් සොයා ගත්තේ එය නොදැල්වෙන අවස්ථා දසදහසක් පමණ අත්දුටු පසුවය. ඔහුට තම කාර්ය්‍ය සම්බන්ධයෙන් අතිශයින්ම වෙනස් ආකල්පයක් තිබුණි. අසාර්ථක වූ හැම අවස්ථාවක් දෙසම ඔහු බැලුවේ එය පරාජයක් ලෙස නොව ජයග්‍රහණයක් ලෙසය .ඒබ්‍රහම් ලින්කන් යනු තවත් එවැනිම පුද්ගලයෙකි. "පැන යන අය කවදාවත් නොදිනන බවත් දිනන අය කවදාවත් පැන නොයන බවත්" දැක්වීමට ඔහු කදිම උදාහරණයකි. තමාට කෙතරම් අභියෝග එල්ල වුවද ඒ කිසිවකින් තම උත්සහය පළුදු කර නොගැනීමේ අභිමානවත් ඉතිහාසයක් ලින්කන්ට ඇත්තේය."කවරක් කෙසේ සිදුවුවද මම මට හැකි උපරිමය ඉටු කිරීමට කිසිදා පසුබට නොවෙමි .කවර හෝ දිනක මගේ අවස්ථාව පපැමිණෙනු ඇත"ඔහුගේ ජීවිතයමේ ප්‍රකාශය මූර්තිමත් කළේය. ජයග්‍රහණය ලැබෙන තුරු ඉවසන්න ඉවසීමට ඉවසන්න. ඉදින් ජීවිතය එහෙමය, නොනවත්වා උත්සහ කරන්න .

(ලීලානන්ද ගමාච්චිගේ ජීවිතය දිනන්නේ මෙහෙමයි කෘතිය ඇසුරෙනි)

Thursday, September 9, 2010

අ ව දා න ම ක්..

නොහැකිකම මිත්‍යාවකි
අප මුහුණ දෙන හැම වෙනසකම අවදානමක් ඇත්තේය. නොදැනීමේ අවදානම සහ අසාර්ථක වීමේ අවදානම ඒ අතර සුවිශේෂීය. නමුත් ඔබ කැමති වුවද නැතද වෙනස වැළැක්විය නොහේ .ඔබට යමක් මගහැර යාම හෝ සැලසුම් සහගතව ඉටු කිරීම තෝරා ගත හැකිය. සුබවාදී හෝ අසුබවාදී ලෙස නිර්මාණාත්මක ලෙස හෝ විනාශකාරී ලෙස සිතීම මෙහදී ඔබට තෝරාගත හැකිය.ඔබ තුළ ගොඩ නැගී ඇති සාර්ථකත්ව ක්‍රමය විශ්වාස දායක ලෙස ක්‍රියාත්මක වීමට සැලසුම් වී ඇත්තේය අවශ්‍යය දෙය දිගින් දිගටම ඔබ මනසට කියා සිටි විට නිතරම එය දිනා ගැනීමට ඔබට හැකි වේ.ඔබ කියා සිටින අන්දම අනුම ප්‍රතිඵල අත් කර ගැනීමට හැකි වේ. මේ සියල්ල අවස්ථානුකූලව හෝ අහම්බෙන් නොව නීතියක් වශයෙන් නියතව සිදු වේ.මෙසේ සාර්ථකත්වය යනු අනපේක්ෂිත අහඹුවක් නොවේ. ඔබ තුළ වෙනසක් ඇති කර ගැනීම ලොවෙහි ඇති පහසුතම කරුණක් නොවේ. ඒ සඳහා නොතිත් ආශාවක් ස්වයං විනයක් මහත් චිත්ත ඒකාග්‍රතාවක් හා අප්‍රතිහත ධෛර්යයක් තිබිය යුතුය.ඔබ කිසියම් වෙනසකට ගොදුරු වීඇතහොත් එයින් අදහස් කරන්නේ ඔබ සිතන ආකාරය වෙනස් කරගෙන ඇති බවයි එවැනි වෙනසකට ඔබ ලක්වී නැතහොත්එහි අදහස ඔබ සිතන ආකාරය වෙනස් කරගෙන නැති බවයිඑය හුදෙක් ඔබගේම තෝරා ගැනීමක් බව ඔබ දැන ගත යුතුය මේ තෝරාගැනීම අප හැමටම ලැබී ඇති වරප්‍රසාදයකි .වඩාත් තෘප්තිමත්, වඩාත් සාධනිය ජීවීතයක් දිනා ගැනීම දැන් ප්‍රමාද වී ඇතැයි කිසි සේත් සිතිය යුතු නොවේ .

(ලීලානන්ද ගමාච්චිගේ ජීවිතය දිනන්නේ මෙහෙමයි කෘතිය ඇසුරෙනි)

හැම තැනම ඇති තරම්.....


ඔබගේ පෞද්ගලික විශ්වාස සමුහය ඔබගේ යථාර්තය නිර්මාණය කරයි . අප ජීවිතයේ පදනම වන්නේ පෞද්ගලික විශ්වාස මිස අන් කිසිවක් නොවේ. ඔබ දරන සමහර විශ්වාස සාවදය්‍ය. සාවදය්‍ය විශ්වාස පල දරන්නේ කලාතුරකිනි ඔබ දරන වැරදි විශ්වාසයක් නම් අනිකකු ඩැහැගැනීමට ඉඩ ඇති බැවින් දැනට ඔබට හිමිව ඇති දේ රැක ගත යුතු බවය මේ ආරක්ෂණවාදී එළඹුම වෙළඳාමක් වැනිය අන් අයගෙන් ඔබට ලැබෙන ස්වල්පය වෙනුවෙන් ඔවුන්ට අවශය්‍ය වන යමක් ඔබ ලබා දිය යුතුය නමුත් ඔබ නිතරම සිතන්නේ උත්සහ කරන්නේ පළමුවෙන් දෙන්නා ඔබ නොවීමටය මේ උදාසීනගණන් බලන සුළු එළඹුම ඔබ ,ඔබගේම සිරමැදිරියක සිරකරනු ඇත . ඒ සිරමැදිරියේ යකඩ දොර වනු ඇත්තේ සාවදය්‍ය විශ්වාසයයි. ජීවීතයේ අසුබවාදී සිදුවීම් වලට වැඩි අවධානයක් යොමු කිරීම නිසා ලොවේ සියලු දේ කෙරෙහි වඩාත් අසුබවාදී දැක්මක් ඔබ තුළ වර්ධනය වේ .ඔබ වඩාත් නිර්මාණශීලී තලයකට එසවීමට ඒවාට කිසිසේත් නොපුලුවන. ඔබ තුළ ඇති විස්මිත සාර්ථකත්වය පසුපස පවත්නා බලවේගය ඔබගේ සිතයි.

(ලීලානන්ද ගමාච්චිගේ ජීවිතය දිනන්නේ මෙහෙමයි කෘතිය ඇසුරෙනි)

Wednesday, September 8, 2010

ගිනි වගේ ...(හිත)

සිත සමග ඉගනීම
අවංකවම ඔබට එක නිගමනයකට එළඹිය හැකිය. ඔබ ඔබ සිතනවාට වඩා විශාලය. ඔබේ සිතුම් නියම ප්‍රමාණයට සකසා ගත් විට ඔබ සිතන ආකාරයටම ඔබ විශාල වනු ඇත .සිත ගින්දර වගේ විය යුතුයැයි මම කියන්නේ හේතුවක් ඇතිවය .ශක්තිමත් බව තරම් මෘදු දෙයකුත්, මෘදු බව තරම් ශක්තිමත් දෙයකුත් තවත් නැතැයි යන කියමන ඔබ අසා ඇතිද? සියල්ලට මුල් වන්නේ සිතය. සිතම ඇවිස්සිය යුතුය .සිතම දමනය කළ යුතුය .ජයග්‍රහකයකු ලබන ප්‍රතිපලම ඔබට ලබා ගත යුතුයැයි ඔබ සිතන්නේනම්, ඔබ ජයග්‍රහකයකු සිතන ආකාරයෙන් සිතිය යුතුය .අපි :/positive thinking යැයි හදුනාගන්නේ සිත පිළිබඳ කතාවයි උපරිම සාරථකත්වයෙන් ක්‍රියා කරන මිනිසුන්ගේ මූලික හර විශ්වාස දහයක් තිබේ.


  • ජයග්‍රහකයෝ උපදින්නෝ නොවෙති. ඔවුහු තනනු ලබන්නෝය.

  • ඔබගේ පැවැත්මේ ප්‍රමුඛ බලවේගය නම් ඔබ නිරතව සිටින සිතුවිල්ලයි.

  • ඔබට අවශය්‍ය යථාර්තය නිර්මාණය කර ගැනීමට ඔබට ශක්තිය තිබේ.

  • මුහුණ පෑමට සිදුවන සෑම ආපදාවකින්ම ඔබට යම් ප්‍රතිලාභයක් ලැබේ .

  • ඔබ පරාජය වන්නේ පරාජය යථාර්තයක් ලෙස පිළිගන්නේනම් හා උත්සහය අත්හැර දමන්නේ නම් පමණි.

  • අඩු තරමින් ජීවිතයේ එක් ප්‍රධාන ක්ෂේත්‍රයකවත් උපරිමයට ළගා වීමේ හැකියාව ඔබට තිබිය යුතුය.

  • ජීවීතය තුළ යමක් ඉටුකරගැනීමට ඔබට යම් බාධාවක් තිබේ නම්, ඒ ඔබම ඔබ වෙත පටවා ගත් දුෂ්කරතා පමණි .

  • මහා කැපවීමකින් තොරව මහා ජයග්‍රහණයක් ලැබිය නොහැකිය.

  • ඕනෑම අගනා ඉලක්කයකට ළගා වීමට ප්‍රථම සිත බලවත් විය යුතුය.

(ලීලානන්ද ගමාච්චිගේ ජීවිතය දිනන්නේ මෙහෙමයි කෘතිය ඇසුරෙනි)