එන්න පය ගසා නවතින්න මේ සොඳුරු පොළවේ

Friday, September 10, 2010

බල කරනවද ඒත්තු ගන්වනවද

වෙනත් පුද්ගලයන් කෙරෙහි බලපෑම් ඇති කිරීමේදී ඔබට තෝරා ගත හැකි විකල්ප තුනක් ඇත්තේය .පළමු විකල්පය නම්, ඔවුන් ඔබගේ යහපත වෙනුවෙන් ක්‍රියා කරනු ඇතැයි සරලව සිතමින් ඔවුන්ව නොසළකා හැරීමය. දෙවන විකල්පය වන්නේ, ඔබ කැමති සුවිශේෂ ආකාරයකට කටයුතු කරන ලෙස සෙසු අයට බලපෑම් කිරීමය.තෙවන විකල්පය නම් ඔබට අවශ්‍ය දේ අනෙක් අයටත් අවශ්‍ය වන නිසා එය කිරීමේ වැදගත් කම අන් අයට ඒත්තු ගැන්වීමය.
මේ අතරින් කුමක් සාර්ථක වේද? නොසළකා හැරීම සාර්ථක ක්‍රියාවලියක් නොවේ .ඔබ එය දන්නවා ඇත. එය දරුණු වේදනාවක් මෙන්ම අන් අය තුළ ඔබ කෙරෙහි පහන් සිතුවිලි නැතිවී යාමටද හේතුවකි.බිය වැද්දීමෙන් ඔබේ අරමුණ යම්තාක් ඉටුකර ගැනීමට හැකි වනු ඇත .නමුත් බය උපයෝගී කරගන්නා උපක්‍රම පුද්ගලයන් තුල ඇති විශිෂ්ඨත්වය පිටතට හයා ගැනීමට කෙසේවත් සමත් නොවේ.
මිනිසුන් සමග ගනුදෙනු කිරීමේ දී මුලික වන සැබෑ ගැටලුව මෙයයි. ජීවත් වීම හා උනුන් එකමුතුව වැඩ කිරීමේ හැකියාව වර්ධනය කරගැනීම අතින් පසුබට වීමට හේතු කිපයක්ම බලපා තිබේග දීර්ඝ මානව පරිණාමය තුළ අප ශිෂ්ටාරවත් මිනිසුන් ලෙස ජීවත් වූ කාලයට වඩා වනචාරී පරිසරයක ජීවත් වූ කාලය වැඩි වීමයි. දෙවැන්න නම් දිගුකාලීන බරපතල ප්‍රතිවිපාක ගැන සළකා බැලීමකින් තොරව එක් පුද්ගලයකුට වාසියක් ලබා ගැනීම සඳහා තවත් අයකු මත වරද පැටවීම ඉතා පහසු කාර්යයක් වීමයි. තෙවනි කාරණය නම් සියලු දෙය දෙස තම තමන්ගේ දෘෂ්ටියෙන් පමණක් බැලීමට උත්සහ කිරීමයි .මෙබඳු කරුණු හේතුවෙන් ජීවිතයේ ඉතා වැදගත් කරුණක් අපට නොපෙනී ගිලිහී යාම දැකිය හැකිය. එනම් අප පුද්ගල සබඳතා කෙරෙහි දුර්වල බවය.ජීවිතයේ අභියෝග ජය ගැනීමට නම් පුද්ගල සබඳතා වැදගත් බව සිහියේ තබා ගත යුතුය.
(ලීලානන්ද ගමාච්චිගේ ජීවිතය දිනන්නේ මෙහෙමයි කෘතිය ඇසුරෙනි)

No comments:

Post a Comment