එන්න පය ගසා නවතින්න මේ සොඳුරු පොළවේ

Wednesday, September 8, 2010

අමතක කරමුද එය?

කඳුල යනු සිනාවය
සියලුම කුසලතා අතරින් අපට අතිශයින්ම වැදගත් වන කුසලතාව අමතකකිරීම යැයි මා කිවහොත් ඔබ පුමයට පත් වනු ඇත. නමුත් එය හිතළුවක් නොවේ. මිනිසා බුදින්නේ කුමක්ද? මිනිසා සිතන්නේ කුමක්ද?ඔහු එවැන්නෙක්ම වේයයන කියමන ඔබ අසා ඇත. නමුත් මිනිසා අමතක කරන්නේ කුමක්ද ඔහු එවැන්නෙක්ම වේයැයි මම කියමි. ඔබ සතුට හා සාර්ථකත්වය ළගා කරගත යුතු යැයි පවසමින් අමතක කිරීමේ හැකියාවද ලබා ගත යුතුයැයි මා කියන විට මේ කියමන් එකිනෙකට පරස්පර නේදැයි ඔබට සිතෙනු ඇත .එය පහසු දෙයක් නොවේ. එසේම ඔබ සිතන තරම් අපහසු දෙයක්ද නොවේ .කෙසේ වුවද එක් දෙයක් ඔබට පැහැදිලිව කියමි. එනම් ඔබ අමතක කිරීමට උගත යුතුය. අප තුළ ඇති හැකියාවන්ගෙන් උසස්ම හැකියාව ස්මරණය බව ඔබ දනී .තොරතුරු හා අත්දැකීම් මනසේ රදවා ගැනීමට ඔබ තුළ ඇති හැකියාව අතිශයින්ම වැදගත් බව කිව යුතුය.නමුත් ඔබ මනසෙන් යමක් ඉවත් කොට තැබීම හෝ අතුගා දැමීම ඒ ආකාරයෙන්ම වැදගත් බව අමතක නොකළ යුතුය. ඔබ විසින් අමතක කළ යුතු පරජයන් වැනි අහිතකර සිද්ධි මනසෙන් ඉවත් කිරීමට ඇති හැකියාව කෙතරම් ආශිර්වාදයක්ද?
සිතුවිලි නම් වැදගත්මය යන අදහස මම අදහමි.
එහෙත් එක් දෙයක් ප්‍රතය්‍යක්ෂය,
එනම් අමතක කළ යුතුමය සිත පෙළන සියල්ලම
ඒ පෙළීම් පැවරෙයි අප සිරුරට,
අප සුසුමට,
පියාපතට ,
සැබෑ කරගත හැකියැයි මට මා දකින සිහිනය
කියා සිතුවොත් නිසැකව,
හැකිය එය ඉටු කරගනු
එබැවින්ම අඔබ අමතක කළ යුතුමය
සිත පෙළන සියල්ල,
මට හැකිය මම දිනමි
අදහතොත් දිවි හිමියෙන්
ලැබෙනු ඇත හැම සම්පත්
යාමට ජයකණුව වෙත
එබැවින්ම අඔබ අමතක කළ යුතුමය
සිත පෙළන සියල්ලම................

(ලීලානන්ද ගමාච්චිගේ ජීවිතය දිනන්නේ මෙහෙමයි කෘතිය ඇසුරෙනි)

1 comment:

  1. නන්ගි මේ ඔයාගේ අදහස් නෙවෙනෙ.ඇයි ඔයාගේ දෙයක් ඔයා ට ලියන්න බැරි.මේ අදහස් අපි කළින් පොත් වල කියවලා තියනවා.ලීලානන්ද ගමාරච්චි පරිවර්තනය කරපු පොත් වල මේ අදහස් තියනවා.නන්ගියෝ ආයේ මේ වගේ වැඩ කරන්න එපා.තමුන්ගේ ම කියලා දෙයක් කරන්න.ඔයා ට බුද්ධිමය දේපළ පනත යටතේ නඩු දාන්න පුලුහන්.

    ReplyDelete