එන්න පය ගසා නවතින්න මේ සොඳුරු පොළවේ

Friday, September 10, 2010

අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි...!

බේබරූත්,ඒබ්‍රහම් ලින්කන්, තෝමස් අල්වා එඩිසන්

ඕනෑම ඉලක්කයක් හඹා යන විට නිතරම අනපේක්ෂිත දුෂ්කරතා සහ බාධා මුණගැසෙයි. පටන් ගත් ප්‍රථම අවස්ථාවේදීම කිසිමඅගනා අරමුණක් එසැණින දිනාගත හැකි නොවන බව තේරුම් ගැනීමට බොහෝ අය අසමත් වෙති. සාර්ථකත්වය සඳහා වන ඕනෑම ක්‍රියාවලියකදී අසමත් වීම අත්‍යවශ්‍යය සහ වැදගත් අංගයකි . බොහෝ අය අර්ථවත් අභියෝගාත්මක අරමුණු මුල් කරගෙන ක්‍රියාකාරී නොවන්නේ අසමත් වීමට ඇති බිය නිසාය .නමුත් පරාජය යථාර්ථයක්යැයි පිළිගන්නා තුරු සහ උත්සහය අත්හැරදැමීමට තීරණය කරන තුරු ඔබ පරජිතයෙක්යැයි පිළිගැනීමට නොපුලුවන.
සියලු මහා සාර්ථකත්වයන් සඳහා අසමත් විම සහ පරාජය කොතරම් අත්‍යවශ්‍යය සාධක වූයේද යන්න ඉතිහාසය අපට උගන්වයි. මහා සාර්ථකත්වයන් සමග නිතරම මහා පරාජයන් අත්වැල් බැඳගත් බව පෙනේ. "බේබ් රූත් "ප්‍රහාරක වාර්තා තැබූ අතිශූර ක්‍රීඩකයෙකි. අසමත් වීම නීතිය ඔහු නිතරම අනුගමනය කළේය .ඔබ වඩ වඩා ඈතට පිත්ත වනත්ම පිටියෙන් වඩාත් ඈතට බෝලය යාමේ ඉඩ වැඩිය. ජීවිතය නැමැති ක්‍රීඩාවටත් මේ නීතිය මෙලෙසම වලංගුය.ඔබ වැඩි වැඩියෙන් උත්සහ කරත්ම ඔබට සාර්ථක වීමේ ඉඩත් වැඩි වේ.

තෝමස් අල්වා එඩිසන් විදුලි බල්බයක් දැල්වෙන එක් ආකාරයක් සොයා ගත්තේ එය නොදැල්වෙන අවස්ථා දසදහසක් පමණ අත්දුටු පසුවය. ඔහුට තම කාර්ය්‍ය සම්බන්ධයෙන් අතිශයින්ම වෙනස් ආකල්පයක් තිබුණි. අසාර්ථක වූ හැම අවස්ථාවක් දෙසම ඔහු බැලුවේ එය පරාජයක් ලෙස නොව ජයග්‍රහණයක් ලෙසය .ඒබ්‍රහම් ලින්කන් යනු තවත් එවැනිම පුද්ගලයෙකි. "පැන යන අය කවදාවත් නොදිනන බවත් දිනන අය කවදාවත් පැන නොයන බවත්" දැක්වීමට ඔහු කදිම උදාහරණයකි. තමාට කෙතරම් අභියෝග එල්ල වුවද ඒ කිසිවකින් තම උත්සහය පළුදු කර නොගැනීමේ අභිමානවත් ඉතිහාසයක් ලින්කන්ට ඇත්තේය."කවරක් කෙසේ සිදුවුවද මම මට හැකි උපරිමය ඉටු කිරීමට කිසිදා පසුබට නොවෙමි .කවර හෝ දිනක මගේ අවස්ථාව පපැමිණෙනු ඇත"ඔහුගේ ජීවිතයමේ ප්‍රකාශය මූර්තිමත් කළේය. ජයග්‍රහණය ලැබෙන තුරු ඉවසන්න ඉවසීමට ඉවසන්න. ඉදින් ජීවිතය එහෙමය, නොනවත්වා උත්සහ කරන්න .

(ලීලානන්ද ගමාච්චිගේ ජීවිතය දිනන්නේ මෙහෙමයි කෘතිය ඇසුරෙනි)

No comments:

Post a Comment