

(ලීලානන්ද ගමාච්චිගේ ජීවිතය දිනන්නේ මෙහෙමයි කෘතිය ඇසුරෙනි)
(ලීලානන්ද ගමාච්චිගේ ජීවිතය දිනන්නේ මෙහෙමයි කෘතිය ඇසුරෙනි)
(ලීලානන්ද ගමාච්චිගේ ජීවිතය දිනන්නේ මෙහෙමයි කෘතිය ඇසුරෙනි)
(ලීලානන්ද ගමාච්චිගේ ජීවිතය දිනන්නේ මෙහෙමයි කෘතිය ඇසුරෙනි)
මුලු නිව්යෝර්ක් නගරයම විනාශ කරන්නට තරම් වුවත් සෑහෙන පරමාණු ශක්තියක් එක් මිනිසෙකුගේ ශරීරය තුළ ඇත්තේය. එය එසේ වී තිබියදී සහ එහි සත්‍යතාව ප්‍රතික්ෂේප කළ නොහැකිව තිබියදී හීනතා සංකීරණයක් ගැන අප කතා කරන්නේ ඇයි ලෝකයේ විශාලතම නගරය පුපුරුවා හැරීමට තරම් ප්‍රබල වන බලයක් සැබැවින්ම ඔබ තුළ තිබේ නම් ඔබ ජීවිතයේ මුහුණ දෙන ඕනෑම බාධාවක් දුෂ්කරතාවක් ජය ගැනීමට හැකියාවක් ද සැබවින්ම ඔබ තුළ තිබෙනවා විය හැකිය.
"ඔබ ගැන ඔබම දැන ගන්නයැයි කියූ පයිතගරස් සපුරා නිවැරදිය.ඔබගේ බලය හා ශක්තීන් දැනගැනීමද එයට අයත්ය.ඔබ ඔබ ගැන දන්නා විට සහ ඔබ තුළ ඇති අනන්ත සුවිශාල බලය හා ශක්තින් පසක් කර ගන්නා විට තමා හීනයෙකි යන වැරදි විශ්වාසය දුර්මුඛ වී ඔබ තවදුරටත් පරාජිත පුද්ගලයෙකු ලෙස සිටීම අවශ්‍ය නොවන බව ඔබට වැටහෙනු ඇත.
ඔබ නිතරම පාහේ පරාජිතයකු ලෙස සිතන බව රහසක් නොවේ.තමා පරාජිතය යන අදහස පිළිගන්නා අය නිසැකවම පරාජිතයන් බවට පත්වෙති. මිනිසුන් සාර්ථක වන්නේ අවපීඩන චිත්ත ස්වාභාවයන් තමන් තුළ ඇති වු විට තමන් පරාජිතය යන සිතුවිල්ල නොපිළිගෙන ඒ චිත්ත ස්වාභාවයන් සියල්ල පිය හැරීමට සමත් වීම හේතුවෙනි.
"ධෛර්යය හා විශ්වාසය යනු හුදෙක් වචන නොවේ.නමුත් මිනිසෙකු පරාජය විය හැකි බව දකින විට ඔහුට ඉදිරියට යාමට සලසවන්නේ ඒ වචන බව අමතක නොකරන්න.."
(ලීලානන්ද ගමාච්චිගේ ජීවිතය දිනන්නේ මෙහෙමයි කෘතිය ඇසුරෙනි)